Loading...

දකුණු කොරියාවේ අනතුරකින් පුද්ගලයින් 9 දෙනෙක් මරුට

දකුණු කොරියාවේ සෝල් අගනුවර මෝටර් රථයක් පදිකයන් පිරිසකගේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් පුද්ගලයින් 09 දෙනෙක් මියගොස් තවත් පුද්ගලයින් සිව්දෙනෙක් තුවාල ලබා ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.

දකුණු කොරියාවේ ආරක්ෂක අංශ සිදුකළ මුලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ එම මෝටර් රථය වැරදි දිශාවෙන් ධාවනය කර ඇති බවයි.

පදිකයින්ගේ ගැටීමට පෙර මෙම වාහනය තවත් වාහන දෙකක ගැටී ඇති බවද සඳහන් වනවා.

අනතුර සිදුකළ රියදුරු මේවන විට එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *