ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍ය ධුර දරන පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 8 දෙනෙක් එම තනතුරුවලින් ඉවත් වීමට සුදානම් ඇති බවට වාර්තා කරනවා.
දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ එළැඹෙන ජනාධිපතිවරණයේ දී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහාය නොදීමට තීරණය කර සිටින රාජ්‍ය අමාත්‍යවරුන් ගණන් 8ක් බවයි.
ඩී. වී චානක, තේනුක විදානගමගේ, ශෂින්ද්‍ර රාජපක්ෂ අශෝක ප්‍රියන්ත, මොහාන් ද සිල්වා, ඉන්දික අනුරුද්ධ, ප්‍රසන්න රණවීර සහ සිරිපාල ගම්ලත් යන රාජ්‍ය අමාත්‍යවරුන් මේ අතරට අයත් බව සඳහන්.
ආණ්ඩුවට සහාය නොදී රාජ්‍ය අමාත්‍ය ධුරවල රැඳී සිටීම සදාචාරාත්මක නොවන බව ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් ගණනාවක් පසුගිය කාලයේ දී පෙන්වා දී තිබෙනවා.
කෙසේ නමුත් ආණ්ඩුව එම රාජ්‍ය අමාත්‍යවරුන් ධුර පිළිබඳව ක්‍රියාමාර්ගයක් ගැනීමට මේ දක්වා තීරණයක් ගෙන නොමැති බව සඳහන්.








Leave a Reply