ශ්‍රී ලංකන් ගුවන් සේවය මිලදී ගැනීම සඳහා කැඳවන ලද අභිලාෂයන් වෙත කැමැත්ත පළකර තිබෙන ආයතන අතරට මෙරට ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා මහතාගේ Hayleys PLC ආයතනය ඇතුළත්ව ඇති බව වාර්තා වනවා.
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යූහගත කිරීමේ ඒකකය විසින් අභිලාශ කැඳවීමට අදාළව ආයතනවල නම් ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා.
ඒ අනුව ශ්‍රීලංකන් ගුවන් සේවය මිල දී ගැනීම සඳහා කැමැත්ත පළ කර ඇති පාර්ශව 6 වන්නේ,
1. AirAsia Consulting Sdn. Bhd.
2. Dharshaan Elite Investment Holding (Pvt) Ltd
3. FITS Aviation (Private) Limited
4. Sherisha Technologies Private Limited
5. Treasure Republic Guardians Limited
6. Hayleys PLC
Leave a Reply