Loading...

මැති ඇමතිවරුන් 56කට කුලී ගෙවා ගන්න බැරි වෙලා

මැති ඇමතිවරුන් 56 දෙනෙක් තම නවාතැන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 35ක පමණ මුදලක් ගෙවීම පැහැර ඇති බව ජාතික විගණන කාර්යාලය පවසනවා.

රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ 2023 වාර්ෂික වාර්තාවේ ඇතුළත් කරනු ලැබූ විගණන වාර්තාවේ මේ බව සඳහන්ව තිබෙනවා.

2015 වසරේ සිට ලක්ෂ 14කට ආසන්න ශේෂ 19ක්ද ඒ අතරට ඇතුළත්.

මේ අතර සමුළු නිවාස 35කින් ගත වූ වසරේ දෙසැම්බර් 31 වන විට ලක්ෂ 23කට ආසන්න මුදලක් අය කරගෙන නොමැති බවද වාර්තා වනවා.

තවද ජය වඩන ගමන නිවාසවලින් 2012 සිට 2021 දක්වා පදිංචිව සිටි රජයේ නිලධාරීන් 18 දෙනෙක්ගෙන් කෝටියකට ආසන්න මුදලක් අය කර ගැනීමට නියමිතව තිබෙනවා.

මෙම හිඟ කුලී මුදලින් 18% එනම් කෝටි 6කට වැඩි මුදලක් අයවීමට නියමිතව ඇත්තේ අමාත්‍යාංශය යටතේ පාලනය වන රජයේ බංගලා සංචාරක බංගලා සහ නිල නිවාස වලිනි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *