Loading...

දිස්ත්‍රික්ක 5ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 21 නාය යෑමේ නිවේදන නිකුත් කරයි

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 5ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 21කට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කළා.

මේ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය, ගාල්ල දිස්ත්‍රික්කයේ තවලම සහ නෙළුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස, කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, කෑගල්ල, යටියන්තොට, රුවන්වැල්ල, දෙහිඕවිට, මාවනැල්ල, ගලිගමුව සහ දැරණියගල යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය, රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට, ඇලපාත,කිරිඇල්ල, කලවාන, සහ අයගම යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්.

තවද රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ, ඇහැලියගොඩ රත්නපුර සහ ඉඹුල්පේ යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙම නිවේදනය හෙට (30) සවස 4 දක්වා වන තෙක් බල පැවැත්වෙනු ඇති.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *