2027 වසර සඳහා වන රජයේ අයවැය යෝජනාවලිය මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
අද පස්වරු 1.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර, එහිදී ජනාධිපතිවරයා විසින් 2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම (අයවැය කථාව) සිදු කිරීමට නියමිතයි.
විසර්ජන පනත් කෙටුම්පත පළමු වර කියවීම පසුගිය ඔක්තෝබර් 07 වැනිදා කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.
අද ඉදිරිපත් කෙරෙන අයවැයට අදාළ ඉදිරි පාර්ලිමේන්තු කටයුතු පහත පරිදි පැවැත්වීමට නියමිතය,
දෙවන වර කියවීමේ විවාදය – හෙට (13) සිට නොවැම්බර් 20 වැනිදා දක්වා.
දෙවන වර කියවීමේ ඡන්ද විමසීම – නොවැම්බර් 20 වැනිදා පස්වරු 6.00ට.
තෙවන වර කියවීමේ (කාරක සභා අවස්ථාවේ) විවාදය – නොවැම්බර් 21 සිට දෙසැම්බර් 14 දක්වා දින 19ක් පුරා.
තෙවන වර කියවීමේ ඡන්ද විමසීම – දෙසැම්බර් 14 වැනිදා පස්වරු 6.00ට.
මේ අතර, මේ වසරේ පළමු මාස 09 තුළ රජයේ ආදායම් සහ ප්‍රදාන සියයට 20කින් ඉහළ ගොස් ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරනවා.
2025 වසරේ පළමු මාස 09 තුළ රුපියල් බිලියන 441.4ක අයවැය හිඟයක් පැවති නමුත්, මේ වසරේ එම කාලසීමාව තුළ රුපියල් බිලියන 22.3ක අයවැය අතිරික්තයක් වාර්තා වීම විශේෂත්වයකි.
රාජ්‍ය මූල්‍ය කාර්ය සාධන වාර්තාවට අනුව මේ වසරේ මුල් මාස 09 තුළ වාර්තා වූ ප්‍රධාන මූල්‍ය ප්‍රගතීන් මෙසේය,
මුළු රාජ්‍ය ආදායම – රුපියල් බිලියන 4,594.9ක් දක්වා ඉහළට.
බදු ආදායම – සියයට 19කින් වර්ධනය වී තිබේ.
බදු නොවන ආදායම – සියයට 30කින් ඉහළ ගොස් ඇත.






Leave a Reply