Loading...

ගත වූ වසර කිහිපයේ විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් 20%ක් රට හැර ගිහින්

පසුගිය වසර කිහිපයේ ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන්ගෙන් 20%ක් පමණ රට හැරගොස් ඇති බව වාර්තා වනවා.

එම මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා කියා සිටියේ පසුගිය අවුරුදු 3ක කාලය තුළ ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් 226 දෙනෙක් මෙලෙස රට හැරගොස් ඇති බවයි.

නවසීලන්තය, ඕස්ට්‍රේලියාව සහ අයර්ලන්තය ඇතුළු රටවල්වල රැකියා අවස්ථා සඳහා ඔවුන් මෙලෙස පිටව ගොස් ඇති බව වාර්තා වනවා.

සංඛ්‍යා දත්තවලට අනුව මෙලෙස රට හැරගොස් ඇති සංඛ්‍යාව ලංකා විදුලිබල මණ්ඩලයේ සම්පුර්ණ ඉංජිනේරුවන්ගෙන් 20%කි.

එම පිරිස 85ක් විදුලි ඉංජිනේරුවන් වන අතර තවත් 8%ක යාන්ත්‍රික ඉංජිනේරුවන් වන අතර 7%ක් සිවිල් ඉංජිනේරුවන් ද වන බව සඳහන්.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *