කොළඹ නගරය පවිත්‍ර කිරීමට කම්කරු දිනය යෙදී තිබෙන අද (01) දිනයේ 1000ක කම්කරු කණ්ඩායමක් යොදවා තිබෙනවා.
කොළඹ මහනගර සභාවේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂිකා ඉන්ජිනේරු ශහිනා එම්. මයිශාන් මහත්මිය කියා සිටියේ කොළඹ නගරය සුද්ධ පවිත්‍ර කිරීමට යොදවන 700ක් පමණ වූ සේවක කණ්ඩායමට අතිරික්තව තවත් 300ක පිරිසක් මෙලෙස සේවයට යොදවා ඇති බවයි.
පක්ෂ සහ වෘත්තීය සමිති සංවිධානය කරන මැයි රැළි හා පෙළපාලි මඟින් කොළඹ නගරයට අද (01) දිනයේ දී එකතු වන අපද්‍රව්‍ය කඩිනමින් ඉවත් කිරීම මෙම කණ්ඩායමේ මුලික අරමුණ වනවා.
1000කට අධික මෙම කම්කරු කණ්ඩායම අද (01) පැය 24 පුරා දිවා රෑ නොබලා සේවයෙහි නිරත වීමට නියමිතයි.
මේ අනුව කම්කරි දිනයෙන් පසු මැයි 2 වනදා කොළඹ නගරයට සේවා සපයා ගැනීම ඇතුළුව රාජකාරියට පැමිණෙන සාමාන්‍යය ජනතාවට පිරිසිදු නගරයක් දැක ගැනීම සැලැස්වීම සඳහා කොළඹ මහ නගර සභාව සිය උපරිම දායකත්වය ලබා දෙන බවයි කොළඹ මහනගර සභාවේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් සඳහන් කළේ.
Leave a Reply