Loading...

මහර සිද්ධියෙන් පසු රාගම ප්‍රදේශයේ පැනවූ පොලිස් ඇඳිරි නීතිය ඉවතට

මහර බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් රාගම ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් තුනකට පැනවූ පොලිස් ඇඳිරි නීතිය ඉවත් කර තිබෙනවා.

ඊයේ (01) බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාව සැලකිල්ලට ගනිමින් 246/කැන්දලියද්ද පාළුව – බටහිර, 246/සී කැන්දලියද්ද පාළුව – උතුර සහ 181/ජී දඹුව යන ග්‍රාමසේවා වසම් සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පැනවීමට පොලීසිය පියවර ගෙන තිබුණා.

කෙසේ වෙතත්, ආරක්ෂක තත්ත්වය මේ වන විට සාමාන්‍ය අතට පත්ව ඇති බව සඳහන් කරමින්, අදාළ ග්‍රාමසේවා වසම් තුන සඳහා පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට කටයුතු කළ බව පොලීසිය නිවේදනය කළා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *