ජාතික ජන බලවේගයේ මෙහෙයුම් කමිටුවේ සහ විධායක සභාවේ සාමාජිකයෙකු වූ ජ්යෙෂ්ඨ නීතිඥවරයෙකු සහ වාමාංශික දේශපාලනඥයෙකු වන ලාල් විජේනායක අද (31) සවස අභාවප්රාප්ත වී තිබෙනවා.
දීර්ඝ කාලයක් ලංකා සමසමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කළ ඔහු, පසුව එම පක්ෂයෙන් ඉවත් වී එක්සත් වාමාංශික පෙරමුණ ගොඩනැගීම සඳහා පුරෝගාමී මෙහෙවරක් ඉටු කළා.
මහනුවර ධර්මරාජ විද්යාලයෙන්, පේරාදෙණිය විශ්වවිද්යාලයේ විද්යා පීඨයෙන් සහ ශ්රී ලංකා නීති විද්යාලයෙන් අධ්යාපනය ලැබූ ලාල් විජේනායක, පළමු මධ්යම පළාත් සභාවේ විපක්ෂ නායකවරයා ලෙසද කටයුතු කර තිබෙනවා.
ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 22 වැනි සංශෝධනයට සහ ත්රස්තවාදයෙන් රාජ්යය ආරක්ෂා කරගැනීමේ පනතට එරෙහිව සක්රීයව පෙනී සිටි ඔහු, මහනුවරදී ‘වමේ කේන්ද්රය’ පිහිටුවීමටද නායකත්වය ලබා දුන් අයෙක්.
අභාවප්රාප්ත ලාල් විජේනායක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකරන දිනය සහ වේලාව පසුව දැනුම් දීමට නියමිතයි.








Leave a Reply