Loading...

එජාපයේ විශේෂ මහා සම්මේලනයක් කැඳවයි

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සම්මේලනය පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ලබන ඉරිදා 25 වනදා පස්වරු 2ට මෙම සම්මේලනය පැවැත්වීමට සැලසුම් කර ඇති බව සඳහන්.

මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමේ යෝජනාවට මෙම සම්මේලනයේ දී අනුමැතිය ගැනීමට ද නියමිතයි.

ජනාධිපති ශා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සම්මේලනය පැවැත්වෙන අතර සමඟි ජන බලවේගයේ සිට ජනාධිපතිවරයා වෙත සහයෝගය දීමට පැමිණි සියලු මන්ත්‍රීවරුන් මෙම සම්මේලනයට සහභාගී වන බවද වාර්තා වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *