Loading...

ඉරාන උත්තරීතර නායක කමේනිගෙන් සන්නද්ධ හමුදාවලට දැඩි නියෝගයක්

ඕනෑම සතුරු තර්ජනයකට එරෙහිව භූගෝලීය සීමාවන්ගෙන් තොරව ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීම සඳහා පූර්ණ සූදානමින් පසුවන ලෙස ඉරානයේ උත්තරීතර නායක අයතොල්ලා මොජ්තාබා කමේනි එරට සන්නද්ධ හමුදාවල ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරීන්ට නියෝග කර තිබෙනවා.

ඉරාන රාජ්‍ය පුවත් සේවය වන ‘IRNA’ වාර්තා සඳහන් කරන පරිදි, එරට හමුදා ප්‍රධානීන් සහ උසස් නිලධාරීන් සමඟ පැවැති විශේෂ සාකච්ඡාවකදී උත්තරීතර නායකයා විසින් මෙම දැඩි උපදෙස් ලබා දී ඇත.

මෙම හමුවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පෙන්වා දී ඇත්තේ, රටේ උපරිම ආරක්ෂාව සහ සූදානම තහවුරු කර ගැනීම සඳහා සතුරන්ට එරෙහිව දැඩිව සහ නොපසුබටව මුහුණ දීම අත්‍යවශ්‍ය කරුණක් බවයි.

එමෙන්ම, සතුරන් විසින් නැවත වරක් යම් හමුදාමය හෝ ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල කිරීමට කටයුතු කළහොත්, එම ගැටුමේ නිමාව සනිටුහන් වන වේලාව සහ ඊට අදාළ කොන්දේසි තීරණය කරනු ලබන්නේ ඉරාන ඉස්ලාමීය ජනරජයේ සන්නද්ධ හමුදාවන් සහ ඉරාන ජනතාව විසින් බව ද උත්තරීතර නායකයා මෙහිදී දැඩි ලෙස අවධාරණය කර තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *