Loading...

බෙංගාල බොක්ක සහ දිවයින වටා මුහුදු ප්‍රදේශ සඳහා තද සුළං සහ මුහුද රළුවීමේ රතු නිවේදනයක් නිකුත් කරයි

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය සහ දිවයින වටා වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශ සඳහා තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

අද (27) පෙරවරු 8.00 ට නිකුත් කරන ලද මෙම නිවේදනය ඉදිරි පැය 12 දක්වා බලපැවැත්වෙනු ඇත.

බටහිර – මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති ‘ඔර්නබ්’ ප්‍රබල සුළි කුණාටුව තවදුරටත් වර්ධනය වී ‘ඉතා ප්‍රබල සුළි කුණාටුවක්’ බවට පත්ව ඇති අතර, එය අද අලුයම 02.30 වන විට කන්කසන්තුරේ සිට කිලෝමීටර් 890ක් පමණ ඊසාන දෙසින් කේන්ද්‍රගතව පැවතුණා.

මෙම පද්ධතිය අද පස්වරු 05.30 දක්වා බටහිරට බරව වයඹ දෙසට ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති අතර, ඉන් අනතුරුව වයඹ දෙසට ගමන් කරමින් හෙට (28) පෙරවරු 11.30 වන විට ආන්ද්‍ර ප්‍රදේශ් වෙරළ තීරය හරහා ඉන්දීය ගොඩබිමට ඇතුළු වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

අවවාදාත්මක කාණ්ඩයට අයත් මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 80-140 දක්වා ඉහළ යා හැකි අතර, ගිගුරුම් සහිත තද වැසි ද ඇතිවිය හැකිය. එමෙන්ම එම මුහුදු ප්‍රදේශවල රළ උස මීටර් 3.0 – 4.0 ක් පමණ ඉහළ ගොස් මුහුද ඉතා රළු විය හැක.

එබැවින් උතුරු අක්ෂාංශ 10ත් 20ත් සහ නැගෙනහිර දේශාංශ 80ත් 95ත් අතර මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු ධීවර සහ නාවික කටයුතුවලින් වළකින ලෙසත්, දැනට අදාළ මුහුදු ප්‍රදේශවල රැදී සිටින පිරිස් වහාම ආරක්ෂිත ප්‍රදේශ කරා යාත්‍රා කරන ලෙසත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැඩි ලෙස අවධාරණය කරයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *