වත්කම් හා බැරකම් ප්‍රකාශ සම්බන්ධයෙන් මහජනතාවට පවතින ප්‍රවේශය සීමා කිරීමට යෝජනා කර ඇති සංශෝධන ඉදිරියට නොගෙන යන ලෙස ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා (TISL) රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය සඳහන් කළේ, 2026 ජූලි 24 දින ගැසට් කර ඇති දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත මගින් වත්කම් හා බැරකම් ප්‍රකාශ භාවිතය සහ ඒවාට ප්‍රවේශ වීම සම්බන්ධයෙන් නව සීමා හඳුන්වා දීමට යෝජනා කර ඇති බවයි.
එම යෝජනා ක්‍රියාත්මක වුවහොත්, 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත මගින් මහජනතාවට ලබාදී ඇති වැදගත් අයිතිවාසිකමක් සීමා වන බවත්, තොරතුරු දැනගැනීමේ අයිතියට මෙන්ම රාජ්‍ය පාලනයේ විනිවිදභාවයටද අහිතකර බලපෑම් එල්ල විය හැකි බවත් TISL පෙන්වා දෙනවා.
රාජ්‍ය නිලධාරීන්ගේ වගවීම සහ දූෂණයට එරෙහි මහජන අධීක්ෂණය ශක්තිමත් කිරීම සඳහා වත්කම් හා බැරකම් ප්‍රකාශ මහජනතාවට විවෘතව පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බව ද එම සංවිධානය අවධාරණය කර තිබෙනවා.
ඒ අනුව, යෝජිත සංශෝධන නැවත සලකා බලා, වත්කම් හා බැරකම් ප්‍රකාශ සම්බන්ධයෙන් දැනට පවතින විනිවිදභාවය සහ මහජන ප්‍රවේශය අඛණ්ඩව ආරක්ෂා කරන ලෙස ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිනවා.







Leave a Reply