පවතින දැඩි වියලි කාලගුණය හේතුවෙන් ජල පරිභෝජනය ඉහළ යාම සමඟ ඉදිරි දිනවලදී තට්ටු දෙකේ නිවාසවල ඉහළ මහල්වලට ජලය නොලැබී යාමේ හෝ ජල පීඩනය මන්දගාමිවීමේ අවධානමක් පවතින බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
එම මණ්ඩලයේ සභාපති ඉංජිනේරු ඒ.එම්.පී.සී.ටී. බණ්ඩාර මහතා අද (02) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ මෙම තත්ත්වය කළමනාකරණය කර ගැනීම සඳහා ජල නල පද්ධතියේ වෑල්ව් ක්‍රියාත්මක කරමින් යම් යම් ප්‍රදේශවලට ජලය සැපයීම සීමා කිරීමට සහ එමඟින් ජලය නොලැබී යන ප්‍රදේශවලට ජලය ලබා දීමටත් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවයි.
මේ අනුව හෙට (03) සිට ආරම්භ වන සතිය තුළ මෙතෙක් පැය 24 පුරා අඛණ්ඩව ජලය ලබාදුන් ඇතැම් ප්‍රදේශවලට යම් කාල සීමාවක් සඳහා ජල සැපයුම සීමා කිරීමට සිදුවන බවද ඔහු පැවසුවා.
ඒ මහතා පෙන්වා දෙන්නේ අධික ඉල්ලුම හේතුවෙන් ජල නල පද්ධතියේ අවසාන කොටස්වලට සහ උස් බිම්වල පිහිටි නිවාසවලට ජලය ලැබීම දැනටමත් අඩාල වී සමඟ මෙම තීරණය ගත් බවයි.
ජල මුලාශ්‍රවල පවතින අවදානමක් ඇති බවත් කලටුවාව ජලාශයේ දැනට පවතින නිෂ්පාදන ධාරිතාවෙන්ම ජලය ලබා දුන්නොත් එය ප්‍රමාණවත් වන්නේ දින 20කට පමණක් බවත්ය.
මෙම නිසා නිෂ්පාදනය යම් ප්‍රමාණයකට සීමා කර එම ජල ප්‍රමාණය ඉදිරි දින 30ක් හෝ 40ක් දක්වා රඳවා ගැනීමට මණ්ඩලය සැලසුම් කර තිබෙනවා.
තවද ජල සැපයුම සම්පුර්ණයෙන්ම ඇනහිටින ප්‍රදේශ සඳහා මණ්ඩලය සතු බවුසර් රථ මඟින් සහ පළාත් පාලන ආයතනවල සහයෝගය ඇතිව ජලය සැපයීමට පියවර ගන්නා බවද එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරනවා.
“අපි සූදානම් වෙන්නේ නරකම තත්ත්වයක් ඇතිවෙයි කියන උපකල්පනයේ ඉඳගෙනයි. අතරමගදී වැසි ලැබුණහොත් මෙම කළමනාකරණ සැලසුම වෙනස් කළ හැකියි. නමුත් වැසි නොලැබුණහොත් ජලය පාවිච්චි කර අවසන් වූ පසු අපට අලුත් සැලසුම් සෑදිය නොහැකියි,”
ජල සම්පාදන මණ්ඩලය වැඩිදුරටත් පවසන්නේ පවතින උත්සව සමයත් සමඟ ජල ඉල්ලුම තවත් ඉහළ යා හැකි බැවින්, ඉදිරි සති කිහිපය තුළ පාරිභෝගිකයන් හට යම් අපහසුතාවලට මුහුණ දීමට සිදුවිය හැකි බවත්, ජලය අරපිරිමැස්මෙන් භාවිතා කිරීම අත්‍යවශ්‍ය බවයි.








Leave a Reply