QR ක්රමවේදය ගනිමින් තෙල් සැපයුම සීමා කළ යුත්තේ රට තුළ තෙල් හිඟයක් ඇති අවස්ථාවක පමණක් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා මහතා පවසනවා.
ඔහු මෙම අදහස් පළ කළේ අද (02) පැවැති මාධ්ය හමුවට එක්වෙමින්.
මේ වන විට ප්රමාණවත් ඉන්ධන සංචිත රට තුළ පවතින බැවින් QR ක්රමවේදය යොදා ගැනීමේ කිසිඳු අවශ්යතාවක් නොමැති බවද ඒ මහතා පවසනවා.
සභාපතිවරයා පෙන්වා දුන්නේ තවද යම් අවස්ථාවකදී නීතිය ක්රියාත්මක කිරීමෙන් මෙම තත්ත්වය පාලනය කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වුවහොත් එවැනි ඕනෑම අවස්ථාවක QR ක්රමවේදය භාවිතා කිරීමට සුදානමින් සිටින බවයි.
“අදත් සාමාන්ය පරිදි තෙල් බෙදා හැරීම සිදු වුණා කියලා ඩී.ජේ. රාජකරුණා මහතා පැහැදිලි කළා. ඔහු කියන්නේ පෙරවරු 9.45 වන විටම ඩීසල් ලීටර් 9,25,349ක් සහ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්රල් ලීටර් 9,04,000ක් බෙදා හැරලා තියෙනවා.
ඒ වගේම ඊයේ දවසේ පමණක් ඩීසල් ලීටර් 30,81,349ක් සහ ඔක්ටේන් 92 පෙට්රල් ලීටර් 39,20,400ක් නිකුත් කරලා තියෙනවා.
ඔහු නැවතත් අවධාරණය කළේ ඉන්ධන අඛණ්ඩව නිකුත් කරන බවත්, ප්රමාණවත් තරම් තොග පවතින නිසා ජනතාව අනවශ්ය බියක් ඇති කරගන්න අවශ්ය නැති බවයි. අනවශ්ය ලෙස කලබල වෙලා දිගු පෝලිම්වල රැඳී සිටීම කනගාටුදායකයි.
තවද බලපත්රයක් නොමැතිව ගෙවල්වල ඉන්ධන තොග රැස් කර තබා ගැනීම නීතිවිරෝධී සහ අවදානම් ක්රියාවක් බවත්, ඒ සම්බන්ධයෙන් දැඩි නීති ක්රියාමාර්ග ගන්නා බවත් ඔහු කියා සිටියා. ඊයේ දිනයේත් එවැනි සිද්ධි සම්බන්ධයෙන් පොලීසිය විසින් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගත්තා.
එමෙන්ම, මෙවැනි ලෙස තෙල් තොග රැස් කරන පුද්ගලයන් පිළිබඳ තොරතුරු ඇත්නම් පොලීසියට දැනුම් දෙන්න කියලාත් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.”








Leave a Reply