Loading...

ලංකාවේ ඉන්ධන අර්බුදයක් ඇති වෙන්න ඉඩ දෙන්නේ නැහැ – චීන තානාපති

මෙරට තුළ කිසිසේත්ම ඉන්ධන අර්බුදයක් ඇති වීමට ඉඩ නොතබන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෑංග් හොංග් පවසනවා.

තානාපතිවරයා මෙම අදහස් පළ කළේ මහනුවර අස්ගිරිය චන්දානන්ද බෞද්ධ විද්‍යාලයේදී ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 350කට වියළි ආහාර බෙදාදීමේ අවස්ථාවට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

චීනය සෑම අවස්ථාවකදීම සහයෝගය ලබාදී ඇති බවත් ඈත අතීතයේ සිටම දෙරට අතර පවතින මිතුදහම ඊට ප්‍රධාන හේතුවක් බවත් ඔහු සඳහන් කරනවා.

චීන තානාපතිවරයා පෙන්වා දෙන්නේ දැනට මැදපෙරදිග පෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් ලෝකයේ ඇතැම් රටවල් පීඩාවට ලක්ව ඇති වීම හේතුවෙන් ඕනෑම අවස්ථාවකම ශ්‍රී ලංකා අවශ්‍ය සියලුම ආකාරයේ සහාය ලබාදීමට චීනය ඉදිරිපත් වනු ඇති බවයි.

යම් හේතුවක් මත මෙරට තුළ ඉන්ධන අර්බුදයක් ඇති වනවා නම් එම තත්ත්වය චීනයේ සයිනොපෙක් සමාගම හරහා කළමනාකරණය කිරීමට කටයුතු කරන බවද ඔහු පවසනවා.

මෙරට ආර්ථික ගොඩගැනීමට අවශ්‍ය සියලු ආකාරයේ සහාය චීන රජය විසින් ලබාදෙන බව චීන තානාපතිවරයා සඳහන් කර තිබෙනවා.

මේ වන විට මැදපෙරදිග යුද්ධයේ සටන් විරාමයක් ක්‍රියාත්මක වන බවත් එය අඛණ්ඩව පවතිනවා නම් තමන් ඊට කැමති බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෑංග් හොංග් අවධාරණය කරනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *