Loading...

හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට එල්ල කරන ප්‍රහාර ගැන තීන්දුවක් ගනී?

අමෙරිකානු සහ ඉරාන සටන් විරාමය නිවේදනය කිරීමෙන් පසුව හිස්බුල්ලා සංවිධානය විසින් ඊශ්‍රායල හමුදාවට සහ එම භූමියට එල්ල කරන ප්‍රහාර නවත්වා ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.

ඔවුන් මෙලෙස ප්‍රහාර නතර කර ඇත්තේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සටන් විරාම ගිවිසුම සම්බන්ධයෙන් කළ ප්‍රකාශයෙන් පසුවයි.

හිස්බුල්ලා සංවිධානය ප්‍රහාර නතර කළද ඊශ්‍රායල හමුදාව දකුණු ලෙබනනයේ ජනතාවට ඉවත් වන ලෙස තවමත් නියෝග නිකුත් කරමින් සිටින බව සඳහන්.

කෙසේ වෙතත් ඊශ්‍රායලය පවසන්නේ මෙම සටන් විරාම ගිවිසුමට ලෙබනනය අයත් නොවන බවයි.

මෙම සටන් විරාමය පිළිබඳව සහ ලෙබනනය මෙයට ඇතුළත් නොවේ යන ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශය සම්බන්ධව හිස්බුල්ලා සංවිධානය ඉදිරියේ දී නිල ප්‍රකාශයක් නිකුත් කිරීමට ද නියමිතව තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *