Loading...

විදුලි බිලත් ඉහළ යයිද? – මෙන්න ඇමති නලින්ද කියපු කතාව

රජයේ ප්‍රධානතම අරමුණ අඛණ්ඩ බලශක්ති ලබාදීම අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

ඒ මහතා මේ බව සඳහන් කළේ අද (20) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින්.

මේ සඳහා ගත යුතු සියලු ක්‍රියාමාර්ග රජය විසින් ගනු ලබන බවද ඔහු මෙහිදී පෙන්වා දුන්නා.

අමාත්‍යවරයා පැවසුවේ ලෝක වෙළෙඳපොලේ සියලු මිල ගණන් ඉහළ ගොස් ඇති බැවින් ලෝක වෙළෙඳපොලේ ගල් අඟුරු මිලදී ගැනීමේ දී පවා මිල ඉහළ ගොස් ඇති බවයි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා,

“අපේ ප්‍රධානම ඉලක්කය තමයි අඛණ්ඩව විදුලිය සැපයීම. ඒ සඳහා ගතයුතු සියලුම ක්‍රියාමාර්ග අපි අනුගමනය කරනවා. එක් එක් මාසවල විදුලිය පරිභෝජනයේ වෙනස්කම් තිබෙනවා. සමහර මාසවලදි විදුලි පරිභෝජනය වැඩියි. ගල්අඟුරුවල ප්‍රමිතිය සම්බන්ධයෙන් සමහර වාර්තා විමර්ශනයට යොමු කරලා තිබෙනවා අපි ඒවා බලමු කොහොම වුණත් අපේ බලාපොරොත්තුව තිබෙන්නේ අඛණ්ඩව විදුලිය සැපයීම. ලෝක වෙළෙඳපොළේ සියලු දේම මිල ඉහළ ගිහිල්ලා තිබෙන්නේ ගල්අඟුරුවල ඉඳලා හැමදේම. අනිත් පැත්තෙන් මෙවැනි තත්ත්වයකදි අපි සිදුකරන ටෙන්ඩර්වලදි සාමාන්‍ය කාලවලදි එන මිල ගණන් නෙමෙයි මේ ගැන සලකලා බලලා තමයි තෙල් මිල වේවා, විදුලි බිල වේවා සියල්ල තීන්දු කරන්න වෙන්නේ.”


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *