Loading...

රනිල් රටට සුබ ආරංචිය කියනකොට රනිල්ට ආ අසුබ ආරංචිය

නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතාට මාස 6ක සේවා දිගුවක් ලබාදීම සඳහා ජනාධිපතිවරයා දෙවන වරටත් ඉදිරිපත් කළ නිර්දේශයද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඊයේ (26) නැවත වරක් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ අනුව නීතිපතිවරයාගේ සේවා කාලය ඊයේ (26) දිනයෙන් අවසන් වනු ඇති.

නීතිපතිවරයාගේ සේවා කාලය මාස 6කින් දීර්ඝ කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කෙරුණු නිර්දේශය සලකා බැලීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) රාත්‍රීයේ දී කෝට්ටේ පිහිටි ඔහුගේ නිල නිවසේදී රැස්වුණා.

එහිදී මේ සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡාවකින් පසුව නිර්දේශ පිළිබඳ ඡන්ද විමසීමක් පැවැත්වූ අතර එම ඡන්ද විමසීමේ දී නිර්දේශයට විරුද්ධව ඡන්ද 5ක් ලැබුණු අතර ඊට පක්ෂව ලැබුණේ ඡන්ද 3ක් පමණි.

නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතාට මාස 6ක සේවා දිගුවක් ලබාදීම සඳහා ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට කළ පළමු වරට කළ නිර්දේශය ද එම සභාව පසුගිය 18 වනදා ප්‍රතික්ෂේප කළා.

එම අවස්ථාවේදී ද ඡන්ද විමසීමක් පැවැත්වුණු අතර එම ඡන්ද විමසීමේ දී නිර්දේශයට විරුද්ධව ඡන්ද 5ක් සහ පක්ෂව ඡන්ද 3ක් වශයෙන් ලැබීමෙන් යෝජනාව ප්‍රතික්ෂේප වුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *