Loading...

තිරිඟු පිටි මිල රුපියල් 17කින් ඉහළට – බේකරි කෑම මිල වැඩිවීම ගැන තීරණය සඳුදා

අද (29) සිට ක්‍රියාත්මක වන පරිදි තිරිඟු පිටි මිල ඉහළ දැමීමට ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 17කින් ඉහළ දැමීමට අදාළ සමාගම් කටයුතු කර ඇති බව වාර්තා වනවා.

මේ අතර, මෙලෙස ඉහළ දැමූ තිරිඟු පිටි මිල හමුවේ ඉදිරි පියවර ගැනීම සහ පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එළැඹෙන සඳුදා (31) සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව රැස්වීමට තීරණය කර ඇත.

එදිනට රැස්වී පාන් ඇතුළු අනෙකුත් බේකරි කෑම වර්ගවල මිල ගණන් ඉහළ දැමීම සම්බන්ධයෙන් අවසන් තීරණය ගන්නා බව එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *