Loading...

කපිල චන්ද්‍රසේනගේ මරණය ගැන පොලීසිය අධිකරණයට කිව්වේ මොනවද?

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා සැක කටයුතු ලෙස මියගොස් ඇති බව පොලීසිය විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.

කොල්ලුපිටිය පේද්‍රිස් මාවත ප්‍රදේශයේ පිහිටි නිවසක තිබී අද (08) උදෑසන කපිල චන්ද්‍රසේන මහතාගේ මළ සිරුර පොලීසිය විසින් සොයා ගැනුණා.

එම නිවසේ කාමරයක ගෙල වැළලාගෙන සිටියදී ඔහුගේ සිරුර හමුවූ බව පොලීසිය පවසනවා.

අදාළ ස්ථානයට අද (08) පෙරවරුවේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා ද පැමිණ තිබුණා.

සිද්ධිය සම්බන්ධව කොල්ලුපිටිය පොලීසිය කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මෙහිදී කරුණු දැක්වීමක් සිදුකළා.

එහිදී ඔවුන් පෙන්වා දී ඇත්තේ සැක කටයුතු මරණයක් ලෙස සලකා සිද්ධිය පිළිබඳව ඉදිරි විමර්ශන සිදුකරන බවයි.

මේ අතර ස්ථානීය පරීක්ෂණ සිදු කිරීම සඳහා කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ද පැමිණ තිබුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *