යුද්ධය අවසන් කිරීම සම්බන්ධ තීරණය සම්බන්ධ තීන්දුව ගැන ට්‍රම්ප් සිදුකළ ප්‍රකාශයට ඉරානයෙන් දැඩි ප්‍රතිචාරයක් සිදුකර තිබෙනවා.
යුද්ධය අවසන් කිරීම පිළිබඳව අවසන් තීන්දුව ගන්නේ තමන් බව එහිදී ඔවුන් පෙන්වා දී ඇති බව සඳහන්.
තවද අමෙරිකානු සහ ඊශ්‍රායල ඉලක්ක වෙත එල්ල කරන මිලිටරි ක්‍රියාමාර්ග නතර කරන්නේ කවදාද යන්න තීන්දුව කරන්නේ තමන් බවයි.
කලාපයේ ඉදිරි අනාගතය සම්බන්ධ තීන්දුව ටෙහෙරානයේ හමුදාවන්ගේ අතේ ඇති බවද ඉරානය සඳහන් කර තිබෙනවා.
මේ අතර මැදපෙරදිග කලාපයේ පවතින යුද්ධය ඉතා ඉක්මණින් අවසන් වනු ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍ර්ම්ප් පවසනවා.
ඔහු සඳහන් කරන්නේ එය මෙම සතිය තුළ අවසන් නොවනු ඇති බවයි.
ඉරානයට අමෙරිකාව විසින් එල්ල කරන ප්‍රහාර තව කොපමණ කාලයක් පවතිනු ඇත්ද යන්න සම්බන්ධව මාධ්‍යවේදියෙකු නැගු පැනයකට පිළිතුරු ලබාදෙමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව පවසනවා.
මේ වන විටත් ඉරානයට නායකයා ඇතුළු බොහෝ අහිමි වී ඇති බවද ට්‍රම්ප් සඳහන් කරනවා.
ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටින්නේ ඉරානය සතුව පැවැති න්‍යෂ්ටික සහ මිසයිල ස්ථාන සියල්ල මේ වන විට විනාශ කර ඇති බවත් ඔවුන්ට ස්වල්ප යුද ශක්තියක් පමණක් ඉතිරි ඇති බවත්ය.
මෙය ඉතා ඉක්මණින් අවසන් වනු ඇති බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
හදිසි තෙල් සංචිත මුදාහැරීමට G7 තවම තීන්දුවක් නැහැ – ප්‍රංශ මුදල් ඇමති
මැදපෙරදිග යුද්ධයේ ආර්ථික බලපෑම පිළිබඳව G7 රටවල් හදිසි සාකච්ඡාවක් පැවැත්වුවත් මේ දක්වා උපායමාර්ගික තෙල් සංචිත මුදා හැරීම සම්බන්ධව තවම ස්ථිර තීරණයකට පැමිණ නොමැති ප්‍රංශ මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.
ඔහු මේ බව සඳහන් කර ඇත්තේ G7 මුදල් අමාත්‍යවරුන්ගේ වීඩියෝ සාකච්ඡාවකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
වෙළෙඳපොල ස්ථාවර කිරීමට අවශ්‍ය වුවහොත් ඕනෑම ක්‍රියාදාමයකට අප එකඟ නොමැති බවත් සංචිත මුදා හැරීම දක්වා මේ දක්වා තීරණයක් ගෙන නොමැති බවත් ප්‍රංශ මුදල් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී තිබෙනවා.
අමෙරිකාව ඇතුළු රටවල් තුනක් මෙම යෝජනාවට සහාය දී ඇති බවද වාර්තා වනවා.
යුරෝපා සංගමය පවසන්නේ දැනට යුරෝපය තුළ තෙල් සැපයුමේ ක්ෂණික හිඟයක් නොමැති බවයි.
මේ අතර ජපානය ද ඔවුන්ගේ දැවැන්ත තෙල් සංචිත මුදා හැරීමට සුදානම් වන ලෙස දේශීය බලධාරීන්ට උපදෙස් දී ඇතත් අවසන් තීරණයක් මෙතෙක් ගෙන නොමැති බව වාර්තා වනවා.
හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සඳහා ආරක්ෂක මෙහෙයුමක් දියත් කිරීමට ප්‍රංශය සහ මිත්‍ර රටවල් කටයුතු කරමින් සිටින බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් වැඩිදුරටත් සඳහන් කළා.








Leave a Reply