පවතින දැඩි වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ජලය හිඟවීමෙන් පීඩාවට පත්ව සිටින වන සතුන් සඳහා බවුසර් මගින් ජලය ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.
වනජීවි දෙපාර්තමේන්තුව සඳහන් කළේ යාල, විල්පත්තුව, කුමන සහ බූන්දල යන ජාතික වනෝද්‍යානවල ජලය රැඳෙන ස්ථාන රැසක් මේ වනවිට සිඳී යමින් පවතින බවයි.
ඒ හේතුවෙන් වන සතුන්ට අවශ්‍ය ජලය අඛණ්ඩව ලබාදීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවද එම දෙපාර්තමේන්තුව පවසනවා.
වනජීවි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රංජන් මාරසිංහ මහතා සඳහන් කළේ ප්‍රධාන ජාතික වනෝද්‍යානවල සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන පොම්ප සහ නළ පද්ධති හරහාද වන සතුන් සඳහා ජලය සැපයීම සිදුකරන බවයි.
එම නළ පද්ධති මගින් ජලය ලබාදිය නොහැකි ප්‍රදේශ සඳහා බවුසර් යොදාගෙන ජලය සැපයීම මේ වනවිට ආරම්භ කර ඇති බවද ඔහු සඳහන් කළා.
පවතින කාලගුණ තත්ත්වය අනුව වන සතුන්ට ලබාදෙන ජල ප්‍රමාණය අවශ්‍ය පරිදි වැඩි කිරීමට හෝ අඩු කිරීමට හැකි බවද වනජීවි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.







Leave a Reply