Loading...

විරංජිත් තාඹුගලට මරණ තර්ජන ඇවිත්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමාට එරෙහිව සිදු කරන විමර්ශන පිළිබඳව ප්‍රකාශයක් ලබාදුන් ව්‍යාපාරික විරංජිත් තාඹුගලට සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට මරණීය තර්ජනය එල්ල වී ඇති බව ඔහුගේ නීතිඥවරුන් ඊයේ (03) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.

අදාළ පැමිණිල්ල ඊයේ (03) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා පතිරාජ මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබුවා.

ඒ අනුව මේ සම්බන්ධව සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙසත් තාඹුගල මහතාගේ නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා ඇති බව සඳහන්.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය මේ සම්බන්ධයෙන් ලබන 10 වනදා නියෝගයක් නිකුත් කරන බවයි ප්‍රකාශ කළේ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *