Loading...

වියට්නාම් ජනපති අද දිවයිනට

වියට්නාම් ජනාධිපති ටෝ ලම් මහතා නිල සංචාරයක් සඳහා අද (07) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

මේ අනුව වියට්නාම් ජනාධිපතිවරයා අද (07) රාත්‍රී දිවයිනට පැමිණීමට නියමිත බව සඳහන්.

ජනාධිපතිවරයා සමඟ දූත පිරිස 200ක් පමණ මෙම සංචාරය සඳහා සහභාගී වනු ඇති.

වියට්නාම් ජනාධිපතිවරයා හෙට (08) දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමට ද නියමිතව තිබෙනවා.

පොලීසිය පවසන්නේ වියට්නාම ජනාධිපතිවරයාගේ මෙරට සංචාර කාලසීමාව තුළ කොළඹ නගරය ආශ්‍රිතව අද සහ හෙට විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *