ප්‍රවීණ ගායන ශිල්පියෙකු මෙන්ම රංගන ශිල්පියෙකු ද වන ප්‍රියංකර පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
කලක් රෝගාතුරව පසුවූ ඒ මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (01) රාත්‍රියේ අභාවප්‍රාප්ත වූ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.
මියයන විට ඒ මහතා 64 වන වියෙහි පසුවුණා.
ප්‍රසිද්ධ ගායන ශිල්පී ජේ.ඒ. මිල්ටන් පෙරේරා මහතාගේ පුත්‍රයෙකු වන ප්‍රියංකර පෙරේරා මහතා, ‘සුපුන් සඳක්’, ‘සඳුන් ගසේ සමන් වැලක්’, ‘සිකුරුලියා’ සහ ‘අගාධ සාගරයේ’ වැනි ජනප්‍රිය ගීත රැසක් ගායනා කරමින් ප්‍රේක්ෂක ආදරය දිනාගත් කලාකරුවෙකි.
ගායනයට අමතරව ඔහු චිත්‍රපට සහ ටෙලිනාට්‍ය රැසකට රංගනයෙන් ද සිය දායකත්වය ලබා දී තිබෙනවා.







Leave a Reply