Loading...

මැයි 30වනදාට වෙසක් දිනය කල් දැමුවේ දේශපාලන උවමනාවට – කොටපිටියේ රාහුල හිමි

දේශපාලන උවමනා මත වෙසක් පොහොය යෙදී තිබූ දිනය වෙනස් කර ඇති බව මහා විහාර වංශික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක හා ප්‍රධාන ලේඛකාධිකාරී අග්ගමහා පණ්ඩිත සාහිත්‍යය චක්‍රවර්ති මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි චෝදනා කරනවා.

උන්වහන්සේ පවසන්නේ මැයි 1 වනදාට යෙදී ඇති මැයි දිනය සැමරීම හේතු කර ගනිමින් දේශපාලන උවමනාව මත මෙලෙස වෙසක් දිනය මැයි 30 වනදාට කල් දමා ඇති බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධ මහනායක හිමිවරුන් ද අදහස් ප්‍රකාශ කර ඇති බැවින් තමන් වහන්සේ එම අදහසට කිසිඳු විටක විරුද්ධත්වයක් හෝ අගෞරවයක් සිදු නොකරන බවද පවසනවා.

වෙසක් පොහොය දිනය ආණ්ඩුවට අයත් දෙයක් නොවන බැවින් බෞද්ධයින්ට මැයි 1 වනදා දිනය පුරාම බෞද්ධ වත්පිළිවෙත්වල නියැලෙන ලෙස උන්වහන්සේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

වැඩිදුරටත් උන්වහන්සේ වැඩිදුරටත් ජනතාවට පවසන්නේ 30 වනදාට අවශ්‍ය පරිදි වෙසක් උත්සව පවත්වන ලෙසයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *