අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් විදේශ රටවලට එරෙහිව පනවන ලද ආනයන බදු ජාත්‍යන්තර හදිසි ආර්ථික බලතල පනත (IEEPA) මඟින් ආවරණය නොවන බව එරට ශ්‍රේෂ්ඨාධිකරණය ඓතිහාසික තීන්දුවක් ලබා දී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ජාත්‍යන්තර හදිසි ආර්ථික බලතල පනත යටතේ ආනයන බදු පැනවීමට ජනාධිපතිවරයාට නිත්‍යානුකූල බලයක් නොමැති බවට අධිකරණය අවධාරණය කළ බවයි.
මෙම තීන්දුව සමඟ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලොව සෑම රටකටම පාහේ බලපාන පරිදි පනවන ලද දැවැන්ත අන්‍යෝන්‍ය බදු ක්‍රමය අභියෝගයට ලක් වනවා.
එරට මාධ්‍ය පෙන්වා දෙන්නේ මේ අනුව හදිසි බලතල නීති උපයෝගී කර ගනිමින් අමෙරිකානු ජනාධිපතිවරයා සිදුකළ මෙම බදු පැනවීම් නීති විරෝධී බව අධිකරණ තීන්දුවේ හරය වී ඇති බවයි.








Leave a Reply