Loading...

ඉරාන නෞකා පෙළකට අමෙරිකාවෙන් ප්‍රහාර

ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල පහළට

ලෝක වෙළෙඳපොලේ සීඝ්‍රයෙන් ඉහළ ගිය බොරතෙල් මිල මේ වන විට පහළ වැටී ඇති බව වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අද (11) උදෑසන ආසියානු වෙළෙඳපොළ ගනුදෙනු ආරම්භ වන විට තෙල් මිල සාපේක්ෂව ස්ථාවර මට්ටමක පවතින බවයි.

පසුගිය දින කිහිපයේ ඉරාන යුද්ධයේ වර්ධනය හමුවේ පසුගිය දින කිහිපය තුළ දැඩි අස්ථාවර මට්ටමක පැවතුණා.

ඒ අනුව අද (11) උදෑසන සිට අමෙරිකානු බොරතෙල් බැරලයක ඩොලර් 83.35ක් පමණ වන බව සඳහන්.

තවද බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක ඩොලර් 87.88ක් පමණ බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

මේ අතර ලෝක වෙළෙඳපොළේ සීඝ්‍රයෙන් ඉහළ ගිය බොරතෙල් මිල පහත වැටී ඇති බව වාර්තා වනවා.

2022 වසරේ ජුලි මාසයෙන් පසුව ප්‍රථමවට සඳුදා බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 100 සීමාව පසු කළ ගියා.

එය ඩොලර් 119ක උපරිමක මිලක් සටහන්ව තිබුණා.

මැදපෙරදිග යුද උණුසුම ඉහළ යාමේ ප්‍රතිඵලයක් ලෙස මෙලෙස ඉන්ධන මිල ඉහළ ගියා.

එවැනි පසුබිමක අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (10) පැවසුවේ යුද්ධය ඉතා ඉක්මනින් අවසන් වනු ඇති බවයි.

ඉරානය එල්ලකළ බැලස්ටික් මිසයිල 7ක් සෞදිය බිම හෙළයි

ඉරානය විසින් මැදපෙරදිග කලාපයේ අමෙරිකානු ගුවන් හමුදා කඳවුරක් සහ තවත් ඉලක්ක වෙත නව ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා.

සෞදි අරාබිය සඳහන් කරන්නේ ඉරානය විසින් මෙලෙස එල්ල කරන ලද බැලස්ටික් මිසයිල 7ක් තමන් විසින් විනාශ කළ බවයි.

මේ අතර ඉරානයෙන් එල්ල කරන ලද මිසයිල සහ ඩ්‍රෝන යානා තම ගුවන් ආරක්ෂක පද්ධතිය මඟින් වැළැක්වූ බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය පවසනවා.

ඉරාන නෞකා පෙළක් අමෙරිකාවේ ප්‍රහාරවලින් විනාශ වෙයි

හෝමූස් සමුද්‍ර සන්ධිය ආසන්නයේ දී ඉරාන නාවික හමුදාවට අයත් නෞකා 16ක් ඇතුළු යාත්‍රා කිහිපයක් අමෙරිකානු ප්‍රහාර හමුවේ විනාශ වී තිබෙනවා.

එරට මධ්‍යම අණදෙන මූලස්ථානය මෙම ප්‍රහාරයේ දර්ශන ඔවුන්ගේ X සමාජ මාධ්‍ය ජාලයට මුදා හැර තිබූණා.

ඔවුන් මෙම ප්‍රහාරය දියත් කළේ ලෝකයේ ප්‍රධානතම තෙල් සැපයුමෙන් පහෙන් එකක් පමණ ප්‍රවාහනය කරන ලොව වැදගත්ම බලශක්ති මර්මස්ථානයක් වන හෝමූස් සමුද්‍ර සන්ධියේ ඉරානය යුද නෞකා ඇති බවට ලද බුද්ධි තොරතුරු මතයි.

මේ අතර ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධියේ යුද නෞකා තබා ඇත්නම් ඒවා වහාම ඉවත් කළ යුතු බවද අමෙරිකානු ජනාධිපතිවරයා සිය Truth Social ගිණුමෙහි සටහනක් තබමින් සඳහන් කර තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *