Loading...

අමෙරිකා සහ ඉරාන මුලික වටයේ සාකච්ඡා අද

අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර ඇති කරගත් සටන් විරාම ගිවිසුමෙන් අනතුරුව දෙරට අතර මුලික සාකච්ඡා අද (19) ස්වීට්සර්ලන්තයේ Buergenstock හි පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

මෙහි මුලික අරමුණ වී ඇත්තේ අමෙරිකාව සහ ඉරානය අතර කරන ලද සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව මුලික සාකච්ඡා පැවැත්වීමයි.

මෙම සාකච්ඡා සඳහා මෙම රටවල් දෙකට මැදිහත්කරුවන් ලෙස පාකිස්ථානය සහ කටාර් රාජ්‍යය ඇතුළු තවත් සම්බන්ධිත රටවල් කිහිපයක් සහභාගී වීමට නියමිතව තිබෙනවා.

කෙසේ මේ සම්බන්ධව ස්විට්සර්ලන්ත විදේශ අමාත්‍යාංශය පවසන්නේ මෙම රැස්වීම පැවැත්වෙන කාලසටහන හෝ එහි අඩංගු සවිස්තරාත්මක කරුණු පිළිබඳව මෙතෙක් වෙනත් කිසිදු තොරතුරක් අනාවරණය කර නොමැති බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *