Loading...

UPDATE – කටුකුරුන්ද වෙරළ තීරයේ රුපියල් කෝටි 3ක හෂීෂ් හමුවෙයි

කළුතර දකුණ පොලිස් බලප්‍රදේශයට අයත් කටුකුරුන්ද වෙරළ තීරයේ තිබී අද (05) උදෑසන සොයාගෙන ඇත්තේ හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් බවට මේ වන විට අනාවරණය වී තිබෙනවා.

මෙහි රුපියල් කෝටි 3කට අධික හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝ 12ක පමණ තිබී ඇති බව සඳහන්.

වෙරළට ගොඩගසා තිබූ මෙම පාර්සලය පළමුව දැක ඇත්තේ ඒ අසල සංචාරක හෝටලයක සේවකයින් පිරිසකි.

පසුව ඔවුන් ඒ බව ආරක්ෂක අංශ වෙත දැනුම් දී ඇති බව වාර්තා වනවා.

මේ අනුව කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බලකා පුහුණු කඳවුරේ නිලධාරීන් පැමිණ අදාළ පාර්සලය විමර්ශන කටයුතු සඳහා රැගෙන ගියා.

සිද්ධිය සම්බන්ධයෙන් කළුතර කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බළකාය සහ කළුතර දකුණ පොලීසිය විමර්ශන සිදුකරනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *