එක්සත් අරාබි එමීර් රාජ්යයේ මෑතකදී සිදුවූ ප්රහාර සම්බන්ධව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එරට ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් මහතා වෙත දුරකථන ඇමතුමක් ලබාදී තිබෙනවා.
මෙහිදී ජනාධිපතිවරයා එක්සත් අරාබි එමීර් රාජ්යයට මෑතකදී සිදුවූ ප්රහාර පිළිබඳව සිය කණගාටුව ප්රකාශ කර ඇති බව වාර්තා වනවා.
සියලු ආකාරයේ ප්රචණ්ඩත්වය සහ ත්රස්තවාදය හෙළා දැක ඇති අතර ශ්රී ලංකාවේ සහයෝගීත්වය එක්සත් අරාබි ඒමීර් රාජ්යයට ලබාදෙන බව ජනාධිපතිවරයා පවසා ඇති බව සඳහන්.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ සම්බන්ධයෙන් සිය X ගිණුමේ සටහනක් ද යොදා තිබෙනවා.
සිය X ගිණුමේ සටහනක් තබමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කර තිබේ.








Leave a Reply