Loading...

හරක් කටාගේ දුරකථන දෙකක් – කුඩු සලිඳුගේ පාස්පෝර්ට් දෙකක් CIDයේ දී අතුරුදහන් වෙලා

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පැවැති ජංගම දුරකථන දෙකක් සහ විදේශ ගමන් බලපත්‍ර දෙකක් අස්ථාන ගත වී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසනවා.

රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නදුන් චින්තක නොහොත් හරක් කටා නැමැත්තාට අයත් ජංගම දුරකථන දෙකක්, විදේශ ගමන් බලපත්‍රයක් සහ කුඩු සලිඳුට අයත් විදේශ ගමන් බලපත්‍රයක් මෙලෙස අස්ථානගත වී තිබෙනවා.

ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය සහ පොලිස් මුලස්ථාන විශේෂ විමර්ශන ඒකකය මඟින් මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.

හරක් කටා සහ කුඩු සලිඳු මැඩගස්කරයේ දී අත්අඩංගුවට පත්වීමෙන් පසුව 2023 මාර්තු 15 වනදා ඔවුන් දෙදෙනා මෙරටට රැගෙන එන අවස්ථාවේදී මෙම දුරකථන දෙක සහ ලියකියවිලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු භාරයේ තිබී ඇති බව සඳහන්.

ඉන්පසු සැකකරුවන් දෙදෙනා මෙරටට රැගෙන ඒමෙන් පසු එම ජංගම දුරකථන සහ විදේශ ගමන් බලපත්‍ර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි විමර්ශන අංශය වෙත භාර දී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ තිබූ මෙම ජංගම දුරකථන සහ විදේශ ගමන් බලපත්‍ර දෙක අස්ථානගත වුයේ කිනම් දිනකද යන්න මේ දක්වා හෙළිව නොමැත.

එම දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ එම දුරකථන සංවේදී දර්ශන, විවිධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ජංගම දුරකථන අංක, ආදී වැදගත් තොරතුරු රැසක්ම තිබූ බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *