Loading...

අමෙරිකා බ්‍රවුන් විශ්වවිද්‍යාලයේ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙක් මරුට

අමෙරිකාවේ රෝඩ් අයිලන්ඩ් හි පිහිටි බ්‍රවුන් විශ්ව විද්‍යාලයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

අමෙරිකාවේ රෝඩ් අයිලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රොවිඩන්ස් නගරයේ බ්‍රවුන් විශ්වවිද්‍යාල තුළ මෙම වෙඩි තැබීම සිදුව තිබුණා.

සිද්ධියෙන් පුද්ගල මරණ 2ක් සිදුව ඇති අතර තවත් පුද්ගලයින් 8 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්.

එරට ආරක්ෂක අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ වෙඩි තැබීමෙන් වෙඩික්කරු පසු පලා ගිය සැකකරු අත්අඩංගුවට ගෙන නොමැති බැවින් ඒ ආශ්‍රිත ආරක්ෂාකාරීව නිවෙස් තුළ සිටින ලෙසයි.

කළු පැහැති ඇඳුමකින් සැරසුණු පුද්ගලයෙකු පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව සඳහන්.

ඔහු වෙඩි තැබීම සඳහා කුමන ගිනි අවියක් භාවිතා කර ඇත්ද යන්න සම්බන්ධව මෙතෙක් තොරතුරු අනාවරණය වී නැහැ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *