Loading...

ශ්‍රී ලංකා කණ්ඩායමට නව පුහුණුකරුවන් දෙදෙනෙක්

ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා නව පුහුණුකරුවෙකු දෙදෙනෙක් පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (04) නිවේදනයක් නිකුත් කරමින් මේ බව තහවුරු කළා.

ඒ අනුව නව පිතිකරණ පුහුණුකරු ලෙස ජූලියන් වුඩ් මහතා පත්කර තිබෙනවා.

ඔහුගේ මෙම මස 1 වනදා සිට බලපැවැත්වෙන පරිදි වසරක කාලයක් එම ධූරයේ කටයුතු කිරීමට නියමිතයි.

තවද දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස රෙනේ ෆර්ඩිනන්ඩ්ස් පත් කර තිබෙනවා.

ඔහුගේ ධුර කාලය පසුගිය සැප්තැම්බර් 30 වනදා සිට වසර 2ක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි මෙම පත්වීම සිදු කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *