කොළඹ මැගසින් බන්ධනාගාරයේ රැඳවියෙකු මියයාමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිද්ධියට සම්බන්ධ තවත් බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනෙක් අද (28) සවස මෙලෙස අත්අඩංගුවට ගෙන බොරැල්ල පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති බව සඳහන්.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් පස් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බොරැල්ල පොලීසිය, කොළඹ දිසා අපරාධ කොට්ඨාසය හා කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
පසුගිය 27 වනදා උදෑසන බොරැල්ල පොලිස් වසමේ මැගසින් බන්ධනාගාරය තුළදී රැඳවියකු මියයාම සම්බන්ධව බන්ධනාගාර ජෙර්ලවරයෙකු හා නියාමකවරුන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඊයේ (28) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.







Leave a Reply