හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවට චෝදනා කරමින් ගොනු කර තිබූ පෙත්සම සලකා බැලීමේ කටයුතුවලින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙක් ඉවත් වී තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශයට පත් කළ නඩු තීන්දුව සම්බන්ධව මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කරනු ලැබූ අදහස්වලින් ඒ මහත්මිය අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවට චෝදනා කරමින් වැලිගම නගර සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණා.
අදාළ පෙත්සම කුමුදුනි වික්‍රමසිංහ, ජනක් ද සිල්වා සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්ම මහත්මීන්ගේ සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ඊයේ (26) කැඳවනු ලැබුවා.
එහිදී එම විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරුවරුන් වශයෙන් කටයුතු කළ කුමදුනි වික්‍රමසිංහ සහ ජනක ද සිල්වා යන මහත්ම මහත්මීන් තමන් මෙම පෙත්සම් සලකා බැලීමේ කටයුතුවලින් ඉවත්වන බව දැනුම් දී තිබෙනවා.
මේ අනුව අදාළ පෙත්සම සලකා බැලීම සඳහා අගෝස්තු මස 5 වනදා යළි කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළා.
Leave a Reply