Loading...

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ හිටපු ඉහළ නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට

2026 අප්‍රේල් 07 දින දූෂණ චෝදනා මත ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු සහ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විමර්ශන අනුව, සංස්ථාවේ අනුමත කාර්ය මණ්ඩල සංඛ්‍යාව ඉක්මවා සේවකයින් 06 දෙනෙකු බඳවාගෙන, එම සේවකයින් එවකට ජනමාධ්‍ය අමාත්‍යවරයා වූ කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුද්ගලික කාර්ය මණ්ඩලයට නීතිවිරෝධී ලෙස අනුයුක්ත කර ඇති බව හෙළි වී ඇති බව සඳහන්.

එම ක්‍රියාවලිය හරහා, සංස්ථාව මගින් රුපියල් 14,325,422.83 ක වැටුප් හා දීමනා ගෙවීම් සිදු කර ඇති බවත්, එය දූෂණයක් ලෙස සැලකෙන බවද සඳහන් වනවා.

මෙම සිද්ධියට සම්බන්ධව හිටපු සභාපති උපාලි සරත් කොංගෙදර සහ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සිරිල් දෙවප්‍රිය අවේසිංහ යන මහත්වරුන් අද (07) මධ්‍යහන 12.55 ට පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙම අත්අඩංගුවට ගැනීම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් සිදුකර ඇති බව සඳහන්.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *