යුද්ධය අවසන් කිරීමේ ගිවිසුමක් සඳහා සාකච්ඡා කිරීමට ඉඩ ප්‍රස්ථාව ලබා දීමේ අරමුණින් ඉරානය වෙත එල්ල කිරීමට සැලසුම් කර තිබූ ප්‍රහාරයක් තමන් තාවකාලිකව නතර කළ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
එහිදී ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ “හෙට දින ඉරානයට එල්ල කිරීමට නියමිතව තිබූ ප්‍රහාරය සිදු නොකරන බවට මම අමෙරිකානු හමුදාවට උපදෙස් දුන්නා. නමුත්, පිළිගත හැකි එකඟතාවයකට පැමිණීමට නොහැකි වුවහොත්, ක්ෂණික දැනුම්දීමකින් ඉරානය වෙත පූර්ණ, මහා පරිමාණ ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා සූදානමින් සිටින ලෙස ඔවුන්ට වැඩිදුරටත් නියෝග කර තිබෙනවා,”.
Truth සමාජ ගිණුමේ සටහනක් තබමින් ඔහු කියා සිටියේ කටාර්, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නායකයන් තමන්ගෙන් මෙම ඉල්ලීම සිදුකළ බවයි.
කෙසේ වෙතත්, සාකච්ඡා වෙමින් පවතින ගිවිසුමේ විස්තර ඔහු මෙතෙක් අනාවරණය කර නැහැ.







Leave a Reply