Loading...

ඉරානය සමඟ යුද්ධය නවත්වන හැටි ට්‍රම්ප් හෙළි කරයි

මට කැමති කෙනා තමා ඉරානේ නායකයා වෙන්න ඕන – ඩොනල්ඩ් ට්‍රම්ප්

ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස තෝරා ගත් මොජ්තාබා කමේනිගේ පත්වීම සම්බන්ධව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්අදහස් දක්වා තිබෙනවා.

ඔහු එම පත්වීම ප්‍රතික්ෂේප කර තිබීමද මෙහිදී විශේෂත්වයක් වනවා.

ඉරානයේ නව උත්තරීතර නායකයා පත්විය යුත්තේ තම අභිමතය පරිදි බවත් මොප්තාබාට වැඩිකල් එම ධූරයේ රැඳී සිටීමට නොහැකි වනු ඇති බවත් අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

ට්‍රම්ප් පෙන්වා දෙන්නේ සිය පියාට අත්වූ ඉරණම ඔහුට ද අත්වනු ඇති බවයි.

56 හැවිරිදි මොප්තාබා කමේනි එරට උත්තරීතර නායකයා ලෙස පත්කර ගැනීම සිදුවුයේ ඉරානයේ විශේෂඥ සභාවේ පුජකවරුන් 88 දෙනා රැස්වී ඡන්දය පළ කිරීමෙනි.

මේ අතර ඉරාන රජයේ හමුදාව සහ ඉරාන ඉස්ලාමීය පාලනයට හිතවත් විප්ලවීය හමුදාව මෙන්ම ඉරාන පොලීසිය ද ප්‍රතිඥාවක් ද ලබාදී තිබෙනවා.

එහිදී ඔවුන් පවසා ඇත්තේ තමන් නව උත්තරීතර නායකයා ලෙස තේරී පත්වූ මොප්තාබා කමේනිට සහාය දක්වන බවයි.


ඉරානය සමඟ යුද්ධය නවත්වන හැටි ට්‍රම්ප් හෙළි කරයි

ඉරානය සමඟ ආරම්භ කළ යුද්ධය අවසන් වන අයුරු සම්බන්ධ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායල පුවත්පතකට පවසා තිබෙනවා.

ට්‍රම්ප් මේ බව සඳහන් කර ඇත්තේ ‘ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල්’ නම් පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සමඟ සාකච්ඡා පවත්වා දෙදෙනා අතරේ ඇති කර ගන්නා එකඟතාවයකට අනුව ඉරානය සමඟ ආරම්භ කළ යුද්ධය අවසන් කරන බවද ට්‍රම්ප් පැහැදිළි කර තිබෙනවා.

ට්‍රම්ප් මෙහිදී පෙන්වා දී ඇත්තේ තමා ඉරානයට එරෙහිව යුද්ධය ආරම්භ කළේ ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සමඟ බවත් එය අවසන් කරන්නේ ද ඔහු සමඟ බවත්ය.


තෙල් මිල උඩ ගිය නිසා ලොව පුරා කොටස් වෙළෙඳපොළවල් පසුබසී

ලන්ඩන් කොටස් වෙළෙඳපොලේ FTSE 100 දර්ශකය ගනුදෙනු ආරම්භ වී මුල් මිනිත්තු කිහිපය තුළදී 1.4% කින් පහත වැටී තිබෙනවා.

මෙලෙස කොටස් වෙළෙඳපොළ පහත වැටී ඇත්තේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල සීඝ්‍රයෙන් ඉහළ යාමට ආයෝජකයින් දක්වන ප්‍රතිචාරය සහ යුදමය වශයෙන් පවතින අස්ථාවරභාවය හේතුවෙනි.

මීට අමතරව ආසියානු රටවල කොටස් වෙළෙඳපොල ද දැඩි ලෙස පහත වැටුණු අතර ජපානයේ Nikkei 225 දර්ශකයේ 5%කට වඩා වැඩි අගයකින් පහත වැටෙමින් දිනක ගණුදෙනු අවසන් කළා.

දකුණු කොරියාවේ Kospi දර්ශකය එක් අවස්ථාවකදී 8%කට වඩා වැඩි ප්‍රමාණයකින් කඩා වැටුණා.

මේ හේතුවෙන් මිනිත්තු 20ක කාලයක් සඳහා ගණුදෙනු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගැනුණා.

කෙසේ වෙතත් අවසානයේ දී Kospi දර්ශකය 6%ක පහත වැටීමක් සමඟින් දිනක ගණුදෙනු අවසන් කරනු ලැබුවා.


දිනන තුරු අපි සටන් කරනවා – අමෙරිකානු ආරක්ෂක ලේකම්

අමෙරිකාව සාර්ථක ප්‍රතිඵල අත්කර ගන්නා තෙක් ඉරානයට එරෙහිව යුද මෙහෙයුම් පවත්වාගෙන යාම අමෙරිකාවේ අපේක්ෂාව වී ඇති බව අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පවසනවා.

ඔහු සඳහන් කරන්නේ මෙවැනි මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමේ දී එහි අවසානයක් හෝ සීමාවන් පිළිබඳව සතුරු පාර්ශවයට හෝ වෙනත් ආකාරයකට ප්‍රසිද්ධ කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.

ජයග්‍රහණය අරමුණු කරගනිමින් අමෙරිකාව වෙනුවෙන් මෙම සටන සිදු කරන බවත් අමෙරිකාව සමඟ සටන් කිරීමට හැකියාවක් නොමැති බව අවබෝධ කරගත් පසු ඉරානය යටත් කරනු ඇති බවත් හේග් පෙන්වා දෙනවා.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා පවසන්නේ විශේෂයෙන් මේ වන විට ඉරාන නාවික හමුදාව සම්පුර්ණයෙන්ම පාහේ අවසන්ව ඇති බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *