අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (13) චීනයේ දෙදින නිල සංචාරයක නිරත වීමට නියමිතව.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ දශකයකට ආසන්න කාලයකට පසු අමෙරිකානු ජනාධිපතිවරයෙකු චීනයේ සිදු කරන පළමු සංචාරය මෙය වන බවයි.
දෙරටේ නායකයන්ගේ මෙම හමුවීම ලොව විශාලතම ආර්ථිකයන් දෙක අතර සබඳතාව තීරණාත්මක සන්ධිස්ථානයක් වනු ඇති.
2025 ඔක්තෝම්බර් මසදී දකුණු කොරියාවේ බුසාන් හි පැවැති ආසියා පැසිෆික් ආර්ථික සහයෝගීතා සමුළුවේ දී ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ෂී ජින්පින් හමුවීමෙන් පසුව එම දෙපළ මුහුණට මුහුණ හමුවන පළමු සංචාරය මෙය වනවා.
මෙහිදී දෙරටේ නායකයන් ඉරානයට එරෙහි අමෙරිකානු – ඊශ්‍රායල් යුද්ධය. ගෝලීය තෙල් වෙළෙඳපොල ගැටළු පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතයි.







Leave a Reply