හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ව්‍යාපාරික වාර්තා අසත්‍ය අයුරින් ලෙස සකස් කිරීමේ චෝදනා 34කට අදාළව වරදකරු බවට මෑන්හැටන් ජුරි සභාවක් තීන්දු කර තිබෙනවා.
මෙම නඩු තීන්දුව ඓතිහාසික තීන්දුවක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එම වාර්තාවට අනුව අමෙරිකානු ඉතිහාසයේ අපරාධ චෝදනාවකට වරදකරු වූ පළමු ජනාධිපතිවරයා ට්‍රම්ප් බවද පත්ව තිබෙනවා.
තවද මැතිවරණ කාලවකවානුවක් අතර අපරාධයකට වරදකරු වූ පළමු ප්‍රධාන පක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙසද ඔහු ඉතිහාසගත වනවා.
මෙම තීන්දුව ප්‍රකාශයට පත්කර තිබුණේ ජුරි සභිකයින් දින දෙකක් පුරා පැය 12කට ආසන්න කාලයක් සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි.
Leave a Reply