Loading...

බදුල්ල සිට නානුඔය දක්වා දුම්රිය ධාවනය හෙට සිට ඇරඹේ

උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල සහ අඹේවෙල අතර පමණක් ක්‍රියාත්මක වූ දුම්රිය ධාවනය හෙට (20) සිට නානුඔය දක්වා ද ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ හානි හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ධාවනය සීමා වුණා.

134 වැනි සැතපුම් කණුව අසළ අඩි 120ක පමණ කොටසක් සම්පුර්ණයෙන්ම නාය යාම හේතුවෙන් නානුඔය සහ අඹේවල අතර දුම්රිය ධාවනය ඇනහිටියා.

මේ වන විට එම කොටස සම්පුර්ණයෙන්ම පිළිසකර කර ඇති අතර හෙට (20) සිට නානුඔය සහ බදුල්ල අතර දිනකට දුම්රිය වාර 4ක් ක්‍රියාත්මක වනු ඇති.

ධාවනය වන සෑම දුම්රියක්ම ආසන වෙන් කිරීමේ පහසුකම සහිත පළමු පන්තියේ සහ දෙවන පන්තියේ මැදිරිවලින් සමන්විත වනවා.

මෙලෙස අඹේවෙල දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කිරීමට හෝ එය ගමනාන්තය ලෙස තෝරාගෙන දැනටමත් ප්‍රවේශ පත්‍ර වෙන්කර ඇති මගීන්ට, එම ප්‍රවේශ පත්‍ර භාවිත කරමින් නානුඔය දුම්රිය ස්ථානයෙන් ගමන ආරම්භ කිරීමට හෝ නානුඔය ගමනාන්තය ලෙස භාවිත කිරීමට අවස්ථාව ලබාදී තිබෙනවා.

මේ අතර, සුළි කුණාටුව හේතුවෙන් හානි සිදුවූ උඩරට දුම්රිය මාර්ගයේ අනෙකුත් කොටස් යථා තත්ත්වයට පත් කිරීමේ ප්‍රතිසංස්කරණ කටයුතු ද මේ වනවිට වේගයෙන් ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *