Loading...

2026 වසරේ සංචාරක පැමිණීම් ලක්ෂ 5 සීමාව පනී

2026 වසරේ ගත වූ කාලය තුළ දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින් ගණන 500000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ ජනවාරි 1 වනදා සිට පෙබරවාරි 22 දක්වා කාලය තුළ සංචාරකයින් 505751ක් දෙනෙකු මෙරටට පැමිණ ඇති බවයි.

මේ මස පළමු වනදා සිට 22 වනදා දක්වා කාලය තුළ පමණක් සංචාරකයින් 228424 දෙනෙක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව වාර්තා වනවා.

ඊට අමතරව පෙබරවාරි මාසයේ ගෙවී ගිය සති තුන තුළ සෑම සතියකම සංචාරක පැමිණීම් 70000 සීමාව ඉක්මවා ගොස් තිබීමද විශේෂත්වයක්.

මෙහිදී පළමු සතියේ දී සංචාරකයින් 70355ක්, දෙවන සතියේ දී සංචාරකයින් 77870ක් සහ තෙවන සතියේ සංචාරකයින් 71101ක් ලෙස මෙරටට පැමිණ තිබෙනවා.

සංචාරකයින් වැඩිම පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති බව සඳහන්.

ඒ අනුව ඉන්දියාවෙන් සංචාරකයින් 89277ක්ද, එක්සත් රාජධානිය සංචාරකයින් 55407ක්ද, රුසියාවෙන් සංචාරකයින් 45351ක්ද, ජර්මනියෙන් සංචාරකයින් 35413ක්ද සහ චීනයෙන් සංචාරකයින් 31621ක් මෙරටට පැමිණ තිබෙනවා.

සංචාරක අධිකාරිය පවසන්නේ ප්‍රංශය, ඕස්ට්‍රේලියාව සහ නෙදර්ලන්තය ඇතුළු රටවල්වලින් ද විශාල සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *