2026 වසරේ ගත වූ කාලය තුළ දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින් ගණන ලක්ෂ 6ක් ඉක්මවා ගොස් තිබෙනවා.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ ජනවාරි පළමු වනදා සිට මාර්තු 11 වනදා දින දක්වා කාලය තුළ විදෙස් සංචාරකයින් 623651 දෙනෙක් දිවයිනට පැමිණ ඇති බවයි.
එම සංචාරකයින් අතර වැඩිම පිරිස ඉන්දීය ජාතිකයින් වන අතර ඔවුන්ගේ ගණන 115772 දෙනෙක් ලෙස වාර්තා වී තිබෙනවා.
තවද බ්‍රිතාන්‍ය ජාතිකයින් 66164 දෙනෙකු, රුසියානු ජාතිකයින් 56114 දෙනෙකු, ජර්මානු ජාතිකයින් 45939 දෙනෙකු, චීන ජාතිකයින් 39725 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව සඳහන්.
ප්‍රංශය, ඕස්ට්‍රේලියාව, නෙදර්ලන්තය ඇතුළු රටවලින් ද විශාල සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.
මේ අතර මාර්තු මස පළමු දින 11 තුළ පමණක් විදෙස් සංචාරකයින් 66996 දෙනෙක් දිවයිනට පැමිණ ඇති බවද සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.








Leave a Reply