පසුගිය වසරේ ජුනි මාසයට සාපේක්ෂව මේ වසරේ ජුනි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි විදේශීය සංචාරකයින් සංඛ්‍යාව සියයට 9.9කින් පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
එම අධිකාරිය නිකුත් කළ නවතම දත්තවලට අනුව, මේ වසරේ ජුනි මාසය තුළ මෙරටට පැමිණ ඇති සමස්ත විදේශීය සංචාරකයින් සංඛ්‍යාව 138,241ක්.
ජුනි මාසයේ වැඩිම සංචාරකයින් පිරිස ඉන්දියාවෙන් පැමිණ ඇති අතර, එම සංඛ්‍යාව 43,423ක් ලෙස දැක්වෙනවා. එය ජුනි මාසයේ සමස්ත සංචාරක පැමිණීම්වලින් සියයට 35කට සමානයි.
ඊට අමතරව, එක්සත් රාජධානියෙන් සංචාරකයින් 10,474ක්, ඔස්ට්‍රේලියාවෙන් 8,710ක්, චීනයෙන් 8,224ක් සහ එක්සත් ජනපදයෙන් 3,806ක් මෙරටට පැමිණ ඇති බවද එම දත්තවල සඳහන්.
මේ අතර, මැයි මාසයේදී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 145,745ක් ලෙස වාර්තා වී තිබෙනවා.
එසේම, මේ වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත විදේශීය සංචාරකයින් සංඛ්‍යාව 1,146,573ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළා.
එම සංඛ්‍යාව අතර ඉන්දියානු සංචාරකයින් 293,683ක්, එක්සත් රාජධානියෙන් 108,567ක්, රුසියාවෙන් 77,349ක් සහ චීනයෙන් 76,171ක් සිටින බවද එම අධිකාරිය වැඩිදුරටත් ප්‍රකාශ කළා.







Leave a Reply