Loading...

අප්‍රේල් මසදී සංචාරක ඉපැයීම් පහතට

2026 අප්‍රේල් මස සමස්ථ සංචාරක ඉපැයීම් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 157.1ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

මෙය 2025 අප්‍රේල් මස සංචාරක ඉපැයීම් ප්‍රමාණය වූ අමෙරිකානු ඩොලර් මිලියන 256.7 හා සැසදීමේ දී එය 38.8%ක අඩුවීමක් ලෙස පෙන්නුම් කරනවා.

සංචාරක සංවර්ධන අධිකාරියේ දත්තවලට අනුව 2026 අප්‍රේල් මසට පැමිණි ඇති විදෙස් සංචාරකයින් ගණන 135643කි.

ගත වූ වසරේ දී විදෙස් සංචාරකයින් 174608ක් පැමිණ ඇති අතර ඉන් අමෙරිකානු ඩොලර් මිලියන 256.7ක් උපයා තිබෙනවා.

මේ අතර 2026 වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා කාල සීමාව තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ථ විදෙස් සංචාරකයින් ගණන 876277ක් ලෙස වාර්තා වී ඇති අතර අදාළ කාල සීමාව තුළ උපයා ඇති සමස්ථ සංචාරක ඉපැයීම් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 1111කි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *