ලෝක කම්කරු දිනය අදට (01) යෙදී තිබෙනවා.
1886 වසරේ දී මැයි මසදී වැඩ මුරය පැය 8කට සීමා කරන ලෙස ඉල්ලමින් අමෙරිකාවේ චිකාගේ නුවර කම්කරුවන් පිරිසක් සිදුකළ උද්ඝෝෂණයකට පොලීසිය එල්ල කළ ප්‍රහාරයකින් මියගිය කම්කරුවන් සිහිකරමින් සෑම වසරකම මැයි මස පළමු වන දින ලෝක කම්කරු දිනය සමරනු ලබනවා.
මේ අනුව ලොව සෑම රටක්ම මැයි පළමු වන දින කම්කරු දිනය සැමරීම සඳහා පෙළපාලි, රැලි සංවිධානය කරනු දක්නට ලැබෙනවා.
මේ වසරේ දීත් මෙරට දේශපාලන පක්ෂ සහ සංවිධාන කම්කරු දිනය සැමරීම සඳහා පෙළපාලි රැස්වීම් සංවිධානය කර තිබෙනවා.







Leave a Reply