Loading...

ඉරානයට එරෙහිව ප්‍රබලම ප්‍රහාර දියත් කරන දිනය අදයි – අමෙරිකානු ආරක්ෂක ලේකම්

අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව දියත් කරන යුද මෙහෙයුමේ ප්‍රබලම ප්‍රහාරක දිනය අද (10) වනු ඇති බව අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පවසනවා.

ඔහු සඳහන් කළේ පෙන්ටගනයේ අද (10) පැවැති මාධ්‍ය හමුවකදීයි.

ඉරාන පාලන තන්ත්‍රය ම්ලේච්ඡ මිනීමරුවන් ලෙස හඳුන්වමින් හෙග්සෙත් මෙහිදී චෝදනා කරනු ලැබුවා.

ආරක්ෂක ලේකම්වරයා පවසන්නේ ඉරානය ලෝකය ප්‍රාණ ඇපයට ගැනීම සඳහා න්‍යෂ්ටික බෝම්බ නිෂ්පාදන ක්‍රියාවලියේ නිරත වන බවයි.

පසුගිය පැය 24 තුළ ඉරානය විසින් එල්ල කරන ලද මිසයිල ප්‍රමාණය පෙරට වඩා බෙහෙවින් අඩු වී ඇති බවත් ඉරාන නායකයන් මේ වන විට අසරණ වී කලබලයට පත්ව බවත් පීට් හෙග්සෙත් පවසනවා.

මෙම මාධ්‍ය හමුවේදී ඔහු කියා සිටියේ “වසර 47ක් තිස්සේ ඔවුන් අපේ අය ඝාතනය කළා. දැන් ඔවුන් උත්සාහ කරන්නේ න්‍යෂ්ටික අවි නිපදවා ලෝකයටම තර්ජනය කිරීමට..,”.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *